brand logo
logo
පාකිස්තානය එල්ල කළ ප්‍රහාරයෙන් තලේබාන් සටන්කරුවන් 130ක් මරුට

පාකිස්තානය එල්ල කළ ප්‍රහාරයෙන් තලේබාන් සටන්කරුවන් 130ක් මරුට

27 February 2026

පාකිස්තානය විසින් තලේබාන් සටන්කරුවන් ඉලක්කකර එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවෙන් තලේබාන් සටන්කරුවන් 130කට වැඩි පිරිසක් මියගිය බව පකිස්තානය තහවුරු කර තිබේ.


දේශසීමා ගැටලුවක් මුල්කර ගනිමින් ඇෆ්ගනිස්තානය විසින් පාකිස්තානයට එල්ලකළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස පාකිස්තානය ඊයේ (26) රාත්‍රියේ මෙම ප්‍රහාර මාලාව එල්ල කළේය.


'ගසබ් ලිල් හක්' ලෙසින් නම්කර ඇති මෙම මෙහෙයුම යටතේ පාකිස්තාන ගුවන් හමුදාව කාබුල්හි තලේබාන් හමුදා මූලස්ථානය ඇතුළු ස්ථාන රැසකට බෝම්බ හෙළා තිබුණි.


අදාළ මෙහෙයුමේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් පවසා සිටියේ, ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ ආක්‍රමණයට සිය සන්නද්ධ හමුදා දැඩි ප්‍රතිචාරයක් දක්වන බවය.


ඒ අනුව අවම වශයෙන් ඇෆ්ගන් තලේබාන් ක්‍රියාකාරීන් 133 දෙනෙකු මියගොස් 200කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව පාකිස්තානය පවසයි.

 

More News..