brand logo
logo
ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

27 September 2026

බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36 තුළ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

 

More News..