brand logo
logo
PHP මෘදුකාංග භාවිත කරන ආයතන සඳහා හදිසි ආරක්ෂක නිවේදනයක් - ශ්‍රී ලංකා CERT

PHP මෘදුකාංග භාවිත කරන ආයතන සඳහා හදිසි ආරක්ෂක නිවේදනයක් - ශ්‍රී ලංකා CERT

22 October 2026

වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් සංවර්ධනය සදහා බහුලව භාවිතා වන PHP පරිගණක මෘදුකාංගයට අදාළව හදුනාගෙන ඇති ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් වහා අවධානය යොමු කරන ලෙස රාජ්‍ය හා පුද්ගලික ආයතන සහ වෙබ් අඩවි නිර්මාණකරුවන්ගෙන් ශ්‍රී ලංකා CERT ආයතනය ඉල්ලා සිටී.


CVE- 2026-109618 සහ CVE-2026-109619 යන හදුනාගැනීමේ කේත මගින් සදහන් කර ඇති ආරක්ෂක දුර්වලතා හේතුවෙන්, පද්ධතිවලට අනවසරයෙන් ප්‍රවේශ වීම, දත්ත සොරා ගැනීම, ක්‍රියාකාරිත්වයට බාධා පැමිණවීමේ දැඩි අවදානමක් එල්ල වී තිබේ.


මෙවන් තත්වයක් තුළ, අවදානම අවම කිරීම සඳහා පහත පියවර කඩිනමින් අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා CERT ආයතනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.


•    PHP භාවිතා කරන සියලුම පද්ධති සහ වෙබ් යෙදුම් හඳුනාගෙන ඒවායේ ක්‍රියාත්මකවන අනුවාද පරීක්ෂා කිරීම (versions).

•    ආරක්ෂක දෝෂ සඳහා නිකුත් කර PHP යාවත්කාලීන කිරීමේ මෘදුකාග (software patch) මගින් පද්ධති සහ වෙබ් යෙදුම් වහාම නිසි ක්‍රමවේදයකට අනුකුලව යාවත්කාලීන කිරීම. මේ සඳහා PHP නිල වෙබ් අඩවියෙන් ලබදී ඇති යාවත්කාලීන කිරීමේ උපදෙස් අනුගමනය කලයුතුය. (https://www.php.net)

•    පද්ධතිවල ලොග් පරීක්ෂාකර අසාමාන්‍ය ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම.

•    යාවත්කාලීන කළ නොහැකි දැඩි අවදානම් සහගත පද්ධති වෙත ඇති අන්තර්ජාල ප්‍රවේශය සීමා කිරීම.

සයිබර් ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඉහත ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා CERT ආයතනය වැඩිදුරටත් දන්වා සිටී.

 

More News..