brand logo
logo
50%ක් විදුලි සැපයුම යථා තත්ත්වයට

50%ක් විදුලි සැපයුම යථා තත්ත්වයට

17 October 2026


විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ හදිසි විදුලි බිඳවැටීමෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් 50%ක පමණ විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම පවසයි.


සම්ප්‍රේෂණ ජාලයේ ඇති වූ ප්‍රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් අද (17) පෙරවරු 11.45ට පමණ දිවයිනේ විදුලි සැපයුම බිඳවැටී තිබේ.


මේ අතර, ඇති වූ හදිසි විදුලි බිඳ වැටීම සවස් කාලය වන විට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.


එම සමාගම පැවසුවේ අද සවස 6.30 වන විට මුළු පද්ධතියම යථාවත් කිරීමට හැකිවනු ඇති බවය.


එමෙන්ම ඇතැම් බලාගාර බිඳ වැටී ඇති බවට පළවන පුවත්වල සත්‍යතාවයක් නොමැති බවත් පවතින තත්ත්වය හමුවේ ගල් අඟුරු බලාගාරය පමණක් නිසි ක්‍රමවේදය අනුව ක්‍රියා විරහිත කර ඇති බවත් එම සමාගම සඳහන් කර තිබේ.

 

More News..