ආපදා මධ්යස්ථානයට බේබද්දන්ගෙන් කුණුහරප ඇමතුම්
17 October 2026 | සාලිය කුමාර ගුණසේකර
ආපදා මධ්යස්ථානයට බේබද්දන්ගෙන් කුණුහරප ඇමතුම්
17 October 2026 | සාලිය කුමාර ගුණසේකර
ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ ‘117’ ක්ෂණික දුරකථන අංකයට රාත්රි කාලයේ බීමත් පුද්ගලයන් අසභ්ය ආකාරයෙන් ඇමතුම් ලබාදෙන බවට එම මධ්යස්ථානය පොලිසියට පැමිණිලි කර තිබේ.
පොලිසිය එම ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර තිබේ.
ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ ‘117’ ක්ෂණික දුරකථන අංකයට ජනවාරි සිට මේ දක්වා ඇමතුම් 124,043ක් ලැබී ඇතැයි එම මධ්යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්ය) ජානක හඳුන්පතිරාජ පැවසීය. මෙම කාලය තුළදී ආපදා සම්බන්ධ දුරකථන ඇමතුම් 458ක් ආපදා, කාලගුණ තොරතුරු ආදිය සම්බන්ධව විමසා ඇමතුම් 123,585ක් ලැබී තිබෙන බවද ඔහු කීවේය. මේ වසරේදී වැඩිම ඇමතුම් සංඛ්යාවක් ලැබී ඇත්තේ ඉකුත් අප්රේල් මාසයේදීය. එම මාසයේ ලැබී ඇති ඇමතුම් සංඛ්යාව 18,530කි. මැයි මාසයේදී ද ඇමතුම් 18,454ක් ලැබී ඇත.
‘117’ ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරා ක්රියාත්මක බවත්, දුරකථන 25ක් ඊට සම්බන්ධ බවද සහකාර අධ්යක්ෂවරයා කීවේය. මෙම දුරකථන අංකයට ආපදාවලට අදාළව වැඩිම දුරකථන ඇමතුම් සංඛ්යාවක් ලැබී ඇත්තේ ඉකුත් අගෝස්තු මාසයේදීය. එම ඇමතුම් ගණන 92කි.

