ඉරානයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මරුට
16 November 2026
ඉරානයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මරුට
16 November 2026
ඉරානයේ ගෑස් පිරිපහදු මධ්‍යස්ථානයක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි අබ්දානාන් සහ දෙහ්ලෝරාන් අතර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවය.
මේ අතර, ඉරානයේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින දුර්වලතා පිළිබඳව එරට නිල අධිකරණ වෛද්‍ය සංවිධානය පසුගිය ජූලි මාසයේදී කරුණු අනාවරණය කර තිබේ.
එම සංවිධානය සඳහන් කර ඇත්තේ මාර්තු මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ ඉරානයේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් විසිදහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති බවය.


