වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
14 May 2026
වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
14 May 2026
තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට (14) දාන එල්ල වූ බඹර ප්‍රහාරයක්නි තුවාල ලැබූ වතු ක්මකරු කාන්තාවන් 5 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත (14) දින ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ.ජයසූරිය මහතා පැවසීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල් වතුයායේ ඉහළ කොටසේ ගසක බැද තිබූ බඹර කූඩුවක බඹර වදය උකුස්සෙකු පහර දී කඩාගෙන යැමෙන් පසු එම බඹර කුඩුවේ ඇවිස්සුනු බඹරුන් තමන්ට පහර දී තුවාල සිදු කල බවයි තුවාලකරුවන් කියා සිටියේ.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවන් එම වතුයායේ ගිලන් රථයෙන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන විත්, ඇතුලත් කරනු ලැබීය.

