22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්-රහසිගත නිගමනය කථානායකට
02 September 2026
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්-රහසිගත නිගමනය කථානායකට
02 September 2026
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සහ ඊට පක්ෂව ගොනුකර ඇති පෙත්සම් පිළිබඳව දින දෙකක් තිස්සේ පැවැති විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද (2 වැනිදා) නියෝග කළේය.
අදාළ පනත් කෙටුම්පතට විරුද්ධව සහ ඊට සහාය පළකරමින් පෙත්සම් 110 ක් පමණ ඉදිරිපත් වී තිබිණි.
අදාළ පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරිණි.
එම පෙත්සම් අභියෝගයට ලක් කරමින් නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කළ අතර තවත් නීතිඥවරු පිරිසක් ඊට සහාය පළ කරමින් කරුණු දැක්වූහ.
මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ නීතිපතිවරයාගේ දේශන අද (2 වැනිදා) සවස අවසන් විය.
ඉන් අනතුරුව පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා 4 වැනිදා පස්වරු 3.00 ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඬුල්ල මෙහිදී පාර්ශ්වකරුවන්ට නියම කළේය.
මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අගවිනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

