brand logo
logo
ගෝඨාභයගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? තීරණය ලබන මස 22 වැනිදා

ගෝඨාභයගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? තීරණය ලබන මස 22 වැනිදා

03 August 2026


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණය එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.


මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා මේ මස 31 වනදාට පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

 

More News..