brand logo
logo
පාස්කු  ප්‍රහාරයට අදාළ නඩුවේ විත්තිකරුවන් 15ක් වරදකරුවන් ලෙස නම් කෙරේ

පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවේ විත්තිකරුවන් 15ක් වරදකරුවන් ලෙස නම් කෙරේ

22 September 2026

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික ප්‍රමාණයක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මේ වනවිට සිදුකෙරෙමින් පවතී.


කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදෙමින් සිටියි.


එම තීන්දුවට අනුව, චෝදනා ලැබ සිටි විත්තිකරුවන් 24 දෙනා අතුරින් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර තිබේ.


එසේම, නඩුවේ සෙසු විත්තිකරුවන් 09 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.

 

More News..