ගල්කිස්සේ පුද්ගල ඝාතන සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට
24 January 2025
ගල්කිස්සේ පුද්ගල ඝාතන සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට
24 January 2025
ගල්කිස්ස බඩෝවිට සිරිපාල මාවතේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි වෙඩික්කරු බියගම මල්වාන ප්‍රදීපගම පාරේ බෝඩිම් කාමරයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පැවසුවේ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ දින 6කට පසුව බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු 2008 වසරේ සිට හමුදා සෙබලෙකු ලෙස සේවය කර වසර 4 කට පසු සේවයෙන් ඉවත් වූ අයෙක් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු සන්තකයේ ඝාතනයේ සැලසුම් කිරීමට යොදාගත් ජංගම දුරකථනය , බැංකු පොතක් සහ ඒ.ටී.එම් කාඩ් පතක් සිම්පතක් මෙන්න ඝාතනය සිදුවූ දින සෙබලා හැඳ සිටින්න ඇඳුම් පැළඳුම් ද පොලිස් භාරයට ගෙන ඇත.
එම වෙඩි තැබීමට පැමිණි පැදිකරු ඒ මොහොතේම දෙහිවල පොලිසිය මගින් ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබිණි.