brand logo
logo
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දිනය තුළ

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දිනය තුළ

02 September 2026


2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (2) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකි වේ.


මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉකුත් අගෝස්තු මස 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණි.


ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් ලෙස සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටියේය.

 

More News..