19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරැඹේ
12 December 2025
19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරැඹේ
12 December 2025
ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය අද (12 වැනිදා) සිට ඩුබායි හි ක්‍රීඩාංගණ 3කදී ආරම්භ වීමට නියමිතය. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සර වෙත හිමිව තිබේ.
තරගාවලියේ 12 වැනි අදියර මෙවර ක්‍රියාත්මක වීමට නියමිත අතර ශ්‍රී ලංකාව මේ වන තෙක් මෙහි ශූරතාව දිනා නොමැති වුවද 5 වරක් අනුශූරතාවට හිමිකම් කියා ඇත. 8වරක් ශූරයන් වී ඇති ඉන්දියාව වැඩිම වරක් මෙහි ශූරතාව හිමිකරගත් කණ්ඩායම බවට පත්ව තිබේ. එසේම පසුගිය යොවුන් ආසියානු කුසලාන දෙකෙහිදීම ශූරතාව බංග්ලාදේශ කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.
මෙවර තරගාවලියේ ප්‍රථම තරග දෙක ලෙස අද එක්සත් අරාබි එමීර් සහ ඉන්දීය යොවුන් කණ්ඩායම් අතරත්, මැලේසියා සහ පාකිස්තාන යොවුන් කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව තරග වදින ප්‍රථම තරගය නේපාලය සමගින් හෙට (13 වැනිදා) පැවැත්වේ. තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස පැවැත්වෙන අතර තරග මෙරට වේලාවෙන් උදෑසන 10.30ට ආරම්භ වේ.

