brand logo
logo
ඩෙංගු මට්ටුවට කිව් ඩෙංගා ඉන්දියාවට

ඩෙංගු මට්ටුවට කිව් ඩෙංගා ඉන්දියාවට

21 July 2026 | ශිරාන් රණසිංහ


මෙරටට ගෙන ඒමට යෝජනා වී තිබෙන කිව් ඩෙංගා (QDENGA) නමැති ඩෙංගු මර්දන එන්නත ඉන්දියාවේ භාවිත කිරීමට එරට ඖෂධ පාලන ජනරාල්වරයාගේ අවසරය හිමිව ඇත.


ජපානයේ නිෂ්පාදිත මෙම QDENGA එන්නත මෙරටට ගෙන ඒමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳ සෙවීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව දැනටමත් එය නිර්දේශ කර තිබේ.


ඉන්දියාවේ වයස අවුරුදු 4 සිට 60 දක්වා පුද්ගලයන්ට මෙම එන්නත දීමට නියමිතය. මෙම එන්නත් මාත්‍රා දෙකක් දිය යුතු අතර ශ්‍රී ලංකා මුදලින් මෙම එන්නතක මිල රුපියල් 40,000 ත්, 60,000 ත් අතර වේ.


මිලෙන් අධික මෙම ඩෙංගු එන්නත ශ්‍රී ලංකාවට ගෙනැවිත් පෞද්ගලික අංශය හරහා අදාළ එන්නත ගැනීමට කැමැති අයට දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.


ඩෙංගු වයිරසයට එරෙහිව සටන් කළ හැකි මෙම QDENGA එන්නත දැනටමත් රටවල් 43 ක භාවිත කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ඉන්දියාවේද මෙම එන්නත භාවිතයට අවසර හිමිවීමත් සමග අදාළ එන්නත මෙරටට ගෙනැවිත් පැතිර යන ඩෙංගු වසංගතය පාලනය කිරීමට නියමිතය. එය දිගුකාලීන වැඩසටහනක් බවද වෛද්‍යවරු සඳහන් කරති.


 

More News..