brand logo
logo
ඉර රස්නෙට කුට්ටම් පොකුණත් කට්ටෙට බහී

ඉර රස්නෙට කුට්ටම් පොකුණත් කට්ටෙට බහී

03 September 2026 | •දීපශාන් රණතුංග- ගල්නෑව

රජරටට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අනුරාධපුරයේ මහමෙව්නා උයනේ පිහිටි කුට්ටම් පොකුණේ ජලය අඩිය පෙනෙන මට්ටමට සිඳී තිබේ. පළමුවැනි අග්ගබෝධි රජ දවස ඉදිව ඇති මෙම පොකුණු යුගල අඩි 18ක ගැඹුරකින් යුක්තය.


එහි පළමු පොකුණේ දිග අඩි 132ක් සහ පළල අඩි 51කි. දෙවැනි පොකුණේ දිග අඩි 91ක් වන අතර පළල අඩි 51කි. අතීතයේ භික්ෂුන් වහන්සේගේ පැන් පහසුව සඳහා මුළුමනින්ම ගල් පතුරු භාවිතයෙන් ඉදිකර ඇති මෙම පොකුණු දෙකේම අඩිය වසර ගණනාවකට පසුව මෙසේ ජලය සිඳී පෑදෙමින් ඇත.


මේ අතර මහමෙව්නා උයනේ තණකොළ වියැළී පලා පැහැයෙන් පඬු පැහැයට හැරෙමින් තිබේ.

 

More News..