අතරමග අතහැර තිබූ කටුගස්තොට පදික උමං මාර්ගය විවෘත කෙරේ
29 October 2026
අතරමග අතහැර තිබූ කටුගස්තොට පදික උමං මාර්ගය විවෘත කෙරේ
29 October 2026
පාසැල් පැවැත්වෙන දිනවල දැරියන් අනතුරුදායක ලෙස පාර මාරුවන කටුගස්තොට නුවර ශාන්ත අන්තෝනී බාළිකා සහ ශ්රී චන්දානන්ද බෞද්ධ බාළිකා විදුහල් ඉදිරිපිට ප්රයෝජනයකට නොගෙන අතරමග අතහැර දමා තිබූ ආරක්ෂිත උමං මාර්ගය ප්රවාහන මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන සහභාගිත්වයෙන් පාසැල් දැරියන් විසින් අද (29) විවෘත කෙරුණි.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සහ මහාමාර්ග අමාත්යාංශයේ නිලධාරින් එම බාළිකා විදුහල් දෙකේහි දැරියන් සහ ගුරු භවතුන් සහභාගි වූහ.

