ගමේ වාහන ප්‍රශ්න ගමේ දී ම විසඳාගන්න වැඩපිළිවෙලක් (වීඩියෝ)
10 October 2023
ගමේ වාහන ප්‍රශ්න ගමේ දී ම විසඳාගන්න වැඩපිළිවෙලක් (වීඩියෝ)
10 October 2023
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන මීලග ජංගම සේවා වැඩ සටහන ඔක්තෝබර් 21 වැනිදා මඩකලපුවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
උතුරු පළාතේ යාපනේ දිස්ත්‍රක්කයෙන් ආරම්භ කළ මෙම වැඩ පිළිවෙල මාතලේ, ගාල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලදී සාර්ථක අයුරින් පැවැත් වී ඇත.
මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු සේවාන් ලබා ගැනීම සඳහා දුර බැහැර සිට පැමිණීමට අපහසුතා ඇති පුද්ගලයින්ගේ කාලය හා මුදල් ඉතිරිකරදීමේ අරමුණින් මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩ පිළිවෙල ආරම්භ කර තිබේ.
මෙම ජංගම සේවය මගින් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ඉටු කරනු ලබන සියලු ම සේවාවන් සැපයිම සිදුවන බව මේ සම්බන්ධයෙන් අරුණට අදහස් දැක් වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් මානව ජයනාත් මංචනායක පවසයි.

