Best News Website award
brand logo
logo
ලෝක ජනගහන වාර්තාව ගැන ධවල මන්දිර හිටපු මාධ්‍ය ලේකම්වරියගෙන් ආන්දෝලනාත්මක සටහනක්

ලෝක ජනගහන වාර්තාව ගැන ධවල මන්දිර හිටපු මාධ්‍ය ලේකම්වරියගෙන් ආන්දෝලනාත්මක සටහනක්

22 November 2026


2035 වන විට ලෝකයේ විශාලතම ආගමික ප්‍රජාව බවට මුස්ලිම් ජනගහනය පත්වනු ඇති බවට Pew Research Center විසින් ඉදිරිපත් කළ නවතම සංඛ්‍යාලේඛන පදනම් කරගනිමින්, අමෙරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ හිටපු මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් ආන්දෝලනාත්මක සටහනක් තබා තිබේ.


ඇයගේ X ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ, "විවාහ වන්න, වැඩිපුර දරුවන් හදන්න, ඔවුන් පල්ලිය තුළ ඇති දැඩි කරන්න, තවද අමෙරිකාවට ආදරය කිරීමට ඔවුන්ට කියා දෙන්න" යනුවෙනි.


Pew පර්යේෂණ වාර්තාවට අනුව 2035 වන විට ගෝලීය මුස්ලිම් ජනගහනය බිලියන 2.57 දක්වාත්, ක්‍රිස්තියානි ජනගහනය බිලියන 2.52 දක්වාත් වෙනස් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.


මෙම ප්‍රකාශයත් සමඟ සමාජ මාධ්‍ය තුළ දැඩි සංවාදයක් ගොඩනැගී ඇති අතර, පවුල් සංකල්පය අගය කරන පිරිස් එය අනුමත කරද්දී, පවතින ආර්ථික අපහසුතාවලදී දරුවන් සංඛ්‍යාව වැඩි කරන ලෙස ඉල්ලීම ප්‍රායෝගික නොවන බව පවසමින් බොහෝ පිරිසක් ඇයට විවේචන එල්ල කර ඇත.

 

More News..