brand logo
logo
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත වේ

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත වේ

26 October 2026 | සිතාර ඉරාෂ් - වටවල


මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තව දුරටත් විවෘත කර ඇති අතර, කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් සදහන් කළේය .


කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (25) දින මිලීමීටර් 38ක් සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රෙදේශලවට මිලිමීටර් 45ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම ජලාශභාර ඉංජින්රුවන් කියා සිටියේ.

 

More News..