brand logo
logo
ලෝක විශ්ව විවාහක රූ රැජින මෙරටට

ලෝක විශ්ව විවාහක රූ රැජින මෙරටට

18 October 2026 | ටී.කේ.ජී.කපිල-කටුනායක


ශ්‍රී ලංකාවේ පැවැත්වෙන , 2026 ලෝක විශ්ව විවාහක රූ රැජින තරගාවලිය ( Missis Universe Sri Lanka - 2026 ) විනිශ්චය කිරීම සදහා , 2023 වසරේ ලෝක විශ්ව විවාහක රූ රැජින ලෙස කිරුළු පළන් ඇමෙරිකානු ජාතික මෙරයිනි පබ්ලර් ගාඩියානා ( Meranie Pabular Gadiana ) මහත්මිය 10/17 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .


49 වැනි වරට , මෙවර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර මෙහි අවසාන මහා තරගය ( Grand Finally ) 10/24 දින , ලෝකයේ රටවල් 100 ක් විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය .


ඇය ඊයේ දින පස්වරු 04.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .


ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා රූ රැජින ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් ද , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

More News..