චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව සභාපතිවරු
18 October 2024
චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව සභාපතිවරු
18 October 2024
ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස ඩබ්ලිව් ප්‍රින්ස් සේනාධීර සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නව සභාපති ලෙස එස් .එම්. සමන් සමරකෝන් යන මහත්වරු ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පත් කර තිබේ.
චිත්‍රපටිසංස්ථාවට අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, එම් ඩී මහින්දපාල, ඩබ්ලිව්. ජි.ටිකිර වික්මල් නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම් එස් ජේ කේ බණ්ඩාර , බී එන් දම්මින්ද කුමාර සහ වයි. අයි.. ඩී. ගුණවර්ධන ද පත්කර තිබේ.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට මහාචාර්ය කේ ,එස්. වන්නිආරච්ච,ආචාර්ය ඒ එම් එස් අතපත්තු, ඉංජිනේරු ඩී. එස් කේ.ජයලත් එම් කේ ප්‍රසංග චතුරංග, පි ඩබ්ලිව් .ඩී.තිසරංගනී පෙරේරා, ජි එච් වයි.මංජුල සිරිසෝම ජෙයචන්දුන්මුර්ති රජීවන්, ආචාර්ය එම් කේ. ද. පැස්කුවෙල් සහ අයි ජි සුලක්ඛනා කුමාරි ඇතුළත් වේ.
ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩල පත්කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (18) පැවැති රැස්වීම් සභාව අමතමින් බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් පැවසුවේ ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළයුතු බවත්, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින් ඉදිරියට යායුතු බවත්ය.
පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් පෞද්ගලික හිතවත්කම් අදාළ වූ බවට චෝදනා තිබූ බවත්, නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන් මැදිහත්වී සාධාරණව චිත්‍රපට නිදහස් කිරීමේ කටයුතු සිදුකළ යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය.
2004/2005 කාලය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු වර්ග නියෝජනය කරමින් සාමාජිකයන් පත්කිරීමට කටයුතු කළ බවත්, දෙමළ සිනමාව කාර්මාන්තයක් ලෙස මෙරට තුළ ඇති කිරීමට මෙතෙක් හැකිවී නොමැති බවත්, දෙමළ සිනමාව ඉදිරියේදී මෙරට තුළ කර්මාන්තයක් ලෙස වර්ධනය විය යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා පදනම් ආයතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඉකුත් කාලය තුළ පදනම් ආයතනයේ තිබූ දුර්වලතා වළක්වා ගනිමින් වත්මන් නිලධාරීන් පදනම් ආයතනය පාලනය කළ යුතු බවත්, ඍජු තීන්දු තීරණ ගතයුතු බවත්ය.