ආරුක්කු 9 පාලම නැරඹීමට ආ විදෙස් කත දුම්රියේ ගැටෙයි
17 October 2025
ආරුක්කු 9 පාලම නැරඹීමට ආ විදෙස් කත දුම්රියේ ගැටෙයි
17 October 2025
ඇල්ල ආරුක්ක 9 පාලම නැරඹීමට පැමිණි ඉන්දීය ජාතික කාන්තාවක් දුම්රියේ ගැටී ඇති බවට වාර්තා වේ.
අද (17) උදෑසන 11.05ට පමණ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී දුම්රිය වේදිකාව සහ දුම්රිය අතර සිරවී තුවාල ලබා ඇත.
එලෙස තුවාල වූ 34 හැවිරිදි ශ්‍රාවන් ලක්ෂ්මි නැමති කාන්තාව දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණ හා වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.