රුපියල් 100ක අල්ලසක් ගත් නිලධාරියෙකු අත්අඩංගුවට
21 October 2026
රුපියල් 100ක අල්ලසක් ගත් නිලධාරියෙකු අත්අඩංගුවට
21 October 2026
රුපියල් 100ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ ගම්පහ ප්රාදේශීය කාර්යාලයට අනුයුක්ත වේලා සටහන් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (20) මධ්යහ්න 12.25ට පමණ රද්දොළුගම බස් නැවතුම්පොළේ පිහිටි වේලා සටහන් නිලධාරියාගේ කුටිය තුළදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මාර්ග අංක 188 යටතේ රද්දොළුගම සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථයක ගමන් වාරය නියමිත වේලාවට ආරම්භ නොකර ප්රමාද වී ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම සහ වාසිදායක අයුරින් ගමන් වාරය ආරම්භ කිරීමට ඉඩ සැලසීම වෙනුවෙන් සැකකරු විසින් අදාළ බස් රථයේ සේවකයෙකුගෙන් රුපියල් 100ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

