brand logo
logo
LPL මූලික වටයේ අවසන් තරගයට වර්ෂාවෙන් බාධා

LPL මූලික වටයේ අවසන් තරගයට වර්ෂාවෙන් බාධා

03 August 2026

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල ඊයේ (02) දිනයෙන් අවසන් විය.


කෙසේ වෙතත් ඊයේ දිනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය අතහැර දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය.


ඒ අනුව දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය අතහැර දැමුණි.


මෙම තරගයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 203ක් ලබාගත් අතර, එම ඉනිම අවසානයත් සමග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට වර්ෂාව පතිත විය.


දිගින් දිගටම වර්ෂාව පැවැතීම හේතුවෙන් තරගය අතහැදැමුණි.


ඒ අනුව දඹුල්ල සික්සර්ස් කණ්ඩාමට මෙම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.


ඒ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා පහත වැටීම හේතුවෙනි.


මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අනිද්දා (05) සිට ආරම්භවීමට නියමිතයි.


එම තරග සියල්ල කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

 

More News..