brand logo
logo
අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිගේ කැබ් රථය අනතුරක

අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිගේ කැබ් රථය අනතුරක

23 April 2026

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය අනතුරට පත්ව තිබේ.


ඔහු ‍ඊයේ (22) රාත්‍රී කොළඹ සිට හැටන් හරහා නුවරඑලිය දක්වා ගමන් කරමින් සිටියදී කැබ් රථය කිතුල්ගල කළුකොහු තැන්න ප්‍රදේශයෙදි ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගය අභියස තිබු විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදු වී ඇත.


අනතුරින් මෝටර් රථය ධාවනය කළ රියදුරාට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාට කිසිදු අනතුරක් සිදුවී නැත.

කෙසේවෙතත් අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිතුල්ගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


 

More News..