brand logo
logo
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

22 January 2025

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ තැබීමට තීරණය කර ඇත.


ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතුස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (22) දින සිට ලබාගත හැකිය


රටකජු කිලෝවක පැවති මිල රුපියල් 1095ක් වන අතර නව මිල වන්නේ රුපියල් 995කි.


දුඹුරු සීනි කිලෝවක පැවැති මිල රුපියල් 340 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 300කි


ආනයනික අර්තාපල්වල පැවැති මිල රුපියල් 210 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 180 කි


රතු කව්පි කිලෝවක පැවැති මිල රුපියල් 795 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 765 කි


හාල්මැස්සෝ කිලොවක පැවැති මිල රුපියල් 960 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 940 කි


වියළි මිරිස් කිලෝවක පැවැති මිල රුපියල් 845 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 830 කි


බාස්මති සහල්(ප්‍රිමියර්) කිලොවක පැවැති මිල රුපියල් 655 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 645කි


ආනයනික ලොකු ලූණු කිලෝවක පැවැති මිල රුපියල් 240 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 230කි


පරිප්පු කිලෝවක පැවැති මිල රුපියල් 290 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 288කි


සුදු සීනී කිලෝවක පැවැති මිල රුපියල් 242 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 240 කි



 

More News..