බද්දේගම ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා පොලීසිය මහජන සහාය පතයි
09 November 2026
බද්දේගම ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා පොලීසිය මහජන සහාය පතයි
09 November 2026
බද්දේගම, වවුලගල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
2026 සැප්තැම්බර් 27 වන දින මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය සහ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව පරීක්ෂණ පවත්වන අතර, ඝාතනය සිදුකිරීමට සහ ඊට ආධාර අනුබල දීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ.
මෙලෙස හඳුනාගෙන ඇත්තේ 50 හැවිරිදි ලද්දු කෝලිත යසරත්න ද සොයිසා සහ 35 හැවිරිදි වතුදුර බුද්ධි මදුසංක ගුණසිරි නමැති පුද්ගලයින් දෙදෙනායි. මොවුන් දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
එබැවින් මෙම සැකකරුවන් පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
බද්දේගම පොලිස් ස්ථානාධිපති: 071-8591480
බද්දේගම පොලිස් ස්ථානය: 091-2292222

