Best News Website award
brand logo
logo
පන්නිපිටිය දෙපානම අබලි යකඩ අලෙවිසැලක හදිසි ගින්නක්

පන්නිපිටිය දෙපානම අබලි යකඩ අලෙවිසැලක හදිසි ගින්නක්

21 November 2026


පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ එක්රැස් කරන ස්ථානයක අද (21) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ.


මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් බොරැල්ල පාර, පොල්වත්ත හන්දිය ආසන්නයේ පිහිටි මෙම ව්‍යාපාරික ස්ථානයේ අද උදෑසන 9.05ට පමණ ගින්න ඇති වී ඇති බව පොලිසිය පවසයි.


හටගත් ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයට අයත් ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට අනුයුක්ත කර ඇති අතර, මේ වන විටත් ගින්න නිවා දැමීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.


මෙම ගින්න හේතුවෙන් අදාළ වෙළෙඳසැලට මෙන්ම එහි ගබඩා කර තිබූ ද්‍රව්‍යවලට ද දැඩි අලාභහානි සිදුව ඇති නමුත් සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැත .


ගින්න ඇතිවීමට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, මහරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

 

More News..