brand logo
logo
ඩකා හි ඇඟලුම් කම්හලක ගින්නකින් 16ක් මරුට

ඩකා හි ඇඟලුම් කම්හලක ගින්නකින් 16ක් මරුට

15 October 2025

බංග්ලාදේශයේ ඩකා හි ඇඟලුම් කම්හලක සහ යාබද රසායනික ගබඩාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


එරට බලධාරීන් ප්‍රකාශ කළේ, එම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.


ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව ගිනි නිවන සේවා අධ්‍යක්ෂ තාජුල් ඉස්ලාම් චෞද්රි පැවසීය.


ඩකා අගනුවර මිර්පූර් ප්‍රදේශයේ පිහිටි සිව් මහල් කර්මාන්ත ශාලාවේ තුන්වැනි මහලේ ඊයේ දහවල් පමණ ගින්න හටගත් අතර, පසුව බ්ලීචිං කුඩු, ප්ලාස්ටික් සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගබඩා කර තිබූ රසායනික ගබඩාවකට පැතිර ගොස් ඇති බව ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරියකු වන තල්හා බින් ජාෂිම් පැවසීය.


ගිනි නිවන භටයන් පැය තුනකට ආසන්න කාලයකට පසු කර්මාන්තශාලා ගින්න පාලනය කළ නමුත් ගබඩාවේ ගින්න දිගටම පැවතිණි.

 

More News..