කොළඹ - තලෙයිමන්නාරම දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ
24 July 2026
කොළඹ - තලෙයිමන්නාරම දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ
24 July 2026
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට තලෙයිමන්නාරම දක්වා ගමන් ගන්නා දුම්රිය අද (24) දිනයේ සිට නැවතත් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද (24) පස්වරු 3.50ට මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා තලෙයිමන්නාරම දක්වා ගමන් කරන අතර, හෙට (25) උදෑසන 04.10ට තලෙයිමන්නාරමේ සිට නැවත කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය වීමට නියමිතයි.
පසුගිය වසරේ ඇති වූ දිට්වා සුළි කුණාටු තත්ත්වයත් සමඟ දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසා එම දුම්රිය මාර්ගය ප්‍රතිසංසරණය කරන තෙක් මෙම දුම්රිය ගමන් කිරීම නැවතී තිබුණි.
කෙසේ වෙතත් එම දුමරිය මාර්ගය මේ වන විට නැවත සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර තිබේ.
ඒ අනුව අද (24) දිනයේ සිට එම කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වාත්, තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව දක්වාත් දිනපතා ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

