Best News Website award
brand logo
logo
19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගය – ඉන්දියාවට ජයග්‍රහණයට ලකුණු 338ක ඉලක්කයක්

19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගය – ඉන්දියාවට ජයග්‍රහණයට ලකුණු 338ක ඉලක්කයක්

14 November 2026


ඕමානයේ පැවැත්වෙන ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 337ක් රැස්කිරීමට සමත්විය.


ඒ අනුව පසුගිය වසරේ පාකිස්තාය තමන්ගෙන් උදුරාගත් ශූරතාව මෙවර තමන් සතුකරගැනීම සඳහා ඉන්දීය යොවුන් කණ්ඩායම ලකුණු 338ක ඉලක්කයක් සම්පූර්ණ කරගත යුතුය.


පාකිස්තාන ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිකරුවකගේ දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු උස්මාන් ඛාන්, විශිෂ්ට ශතකයක් (ලකුණු 107ක්) වාර්තා කරමින් ඉනිම පෝෂණය කළේය.


ඔහුට අනගි සහයක් ලබාදුන් අබ්දුල් කාදිර් ලකුණු 80ක් සහ නායක ෆර්හාන් යූසෆ් ලකුණු 63ක් රැස්කරමින් අර්ධ ශතකවලින් ඉනිම ඔසවා තැබීමට සමත්වූහ.


මෙම තරගාවලියේ වත්මන් ශූරයන් ලෙස කටයුතු කරන පාකිස්තානය, ගිය වසරේ පැවති අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 191ක දැවැන්ත පරාජයකට ලක්කරමින් ශූරතාව දිනාගැනීමට සමත්විය.


එවරද පළමුව පන්දුවට පහරදුන් ඔවුන් ලකුණු 347ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඉන්දියාවට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 156ක් පමණි.

 

 

More News..