ඉන්දීය ආධාර ව්‍යාපෘතිවල ගැටලු ගැන විශේෂ සාකච්ඡාවක්
27 July 2026
ඉන්දීය ආධාර ව්‍යාපෘතිවල ගැටලු ගැන විශේෂ සාකච්ඡාවක්
27 July 2026
ඉන්දියානු රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ඉදිකිරිම් ව්‍යාපෘතිවල මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (27) පෙරවරුවේ පැවැත්විණි.
ඒ කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ඉදිකිරිම් ව්‍යාපෘතිවල ගැටලු සහ ඒ්වා විසඳා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු ව ඇත.
එමෙන්ම එම ව්‍යාපෘතිවල ගිවිසුම් අලුත් කරමින් ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන, වරාය සහ සිවිල් ගුවන් සේවා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන, ධිවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා යන අමාත්‍යංශ යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
ඊට අමතරව දිට්වාවලින් වූ හානි පූරණය සඳහා ඉන්දියානු රජයෙන් ලබා දුන් ඩොලර් මිලියන 450ක ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම ඒ්කකයක් ස්ථාපිත කිරිම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

