දැන්ම ඉන්ධන සහනයක් දෙන්න බැහැ - බලශක්ති ඇමති
04 November 2026 | අශිකා ජයවීර
දැන්ම ඉන්ධන සහනයක් දෙන්න බැහැ - බලශක්ති ඇමති
04 November 2026 | අශිකා ජයවීර
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හමුවේ ඉන්ධන ආනයන වියදම ඉහළ ගොස් තිබෙන බැවින් ඉන්ධන සඳහා ඉක්මන් සහනයක් ලබාදීමට රජයට නොහැකි බව බලශක්ති ඇමැති අනුර කරුණාතිලක පවසයි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඉන්ධන ආනයනය සඳහා රජයට දැරීමට සිදුව ඇති වියදම සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති බව ඇමැතිවරයා පෙන්වා දෙයි. මෙවැනි පසුබිමක ඉන්ධන මිල සම්පූර්ණයෙන්ම අඩු කිරීමට හෝ තවදුරටත් විශාල සහනයක් ලබාදීමට රජයට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කර සිටී.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ද ඉහළ දැමීමට සිදුවූ බව බලශක්ති ඇමැති අනුර කරුණාතිලක පවසයි.
බලශක්ති ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (02 වැනිදා) දෙරණ රූපවාහිනි නාළිකාවේ පැවැති දේශපාලන සංවාදයට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ ඉන්ධන මිල සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන ඇතැම් යෝජනා ප්‍රායෝගික නොවන බවය. විශේෂයෙන්ම වරායට ඉන්ධන ආනයනය කරන මිලටම පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා දෙන ලෙස විපක්ෂය සඳහන් කර සිටිය ද, ලෝකයේ කිසිදු රටක එවැනි ක්‍රමවේදයක් නොමැති බව ද ඔහු එහිදී පැවැසුවේය.
එමෙන්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසුවේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ජනතාවට සහනයක් ලබාදීම සඳහා රුපියල් බිලියන 57ක මුදලක් ඉන්ධන සහනාධාර ලෙස වෙන් කිරීමට රජය කටයුතු කළ බවය.

