එක්සත් ජනපද තානාපති කාර්යාලය දින දෙකකට වැසේ
24 November 2026
එක්සත් ජනපද තානාපති කාර්යාලය දින දෙකකට වැසේ
24 November 2026
එළැඹෙන නොවැම්බර් 26 සහ 27 යන දෙදින එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තැබීමට තීරණය කර තිබේ.
ඒ බව එම තානාපති කාර්යාලය සිය X ගිණුමේ සටහනක් තබමින් දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, නොවැම්බර් 30 වන සඳුදා සිට තානාපති කාර්යාලයේ කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එක්සත් ජනපදයේ 'තුති පිදීමේ දිනය' (Thanksgiving Day) නිමිත්තෙන් මෙලෙස තානාපති කාර්යාලය වසා තැබීමට පියවර ගෙන තිබේ.


