ගිනිඅවියක් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
30 August 2026
ගිනිඅවියක් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
30 August 2026
නිෂ්පාදිත රටක් නොමැති බෝර දොලහේ පතරොම් යෙදීයහැකි ගිනිඅවියක් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (29) තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල, ගගේයාය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිෂ්පාදිත රටක් නොමැති බෝර දොලහේ පතරොම් යෙදියහැකි ගිනිඅවියක් හා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් පහයි මිලිගෑම් තුන්සිය හැත්තෑවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙකි.
සැකකාර පුද්ගලයා කුමන හේතුවක් මත මෙම ගිනිඅවිය ළඟ තබාගෙන සිටියේ ද යන්න නිෂ්චිත තොරතුරක් අනාවරණය නොවන අතර මොහු මීට පෙරද මනුෂ්‍ය ඝාතනයක් හා මත්ද්‍රව්‍ය චෝදනාවලට ඇප මත සිටින සැකකරුවෙකු බවත් පොලීසිය පවසයි.
සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

