brand logo
logo
නේපාලය හමුවේ එංගලන්තයට ජය

නේපාලය හමුවේ එංගලන්තයට ජය

08 February 2026

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'C' කාණ්ඩය යටතේ නේපාලයට එරෙහිව අද (8) පැවති තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.


මෙහිදී එංගලන්තයෙන් හිමිවූ ලකුණු 185ක ඉලක්කයකට පිළිතුරු ලෙස නේපාලය පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 180ක් රැස්කළේය.


නේපාල ඉනිම ඔසවා තැබූ දිමෙන්ද්‍ර සිං පන්දු 29කින් ලකුණු 44ක් රැස්කළ අතර, ලෝකේෂ් බාම් ලකුණු 39(20)ක් හා නායක රෝහිට් පවුඩෙල් ලකුණු 39(34) රැස්කරමින් දක්ෂතා දැක්වූහ.


අවසන් පන්දුවාරයේදී නේපාලයට ලකුණු 10ක ඉලක්කයක් හිමිවුවද, ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 5ක් පමණි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 184ක් රැස්කිරීමට සමත් විය.


තරගය මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.


එංගලන්තය හා නේපාලය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඕනෑම ආකෘතියක් යටතේ හමුවූ පළමු අවස්ථාව මෙයවිය.

 

More News..