ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් දින හතක වීසා දිගුවක්
28 February 2026
ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් දින හතක වීසා දිගුවක්
28 February 2026
මැදපෙරදිග බලා යන ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මෙරටින් පිටවීමට නොහැකි විදේශීකයින්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව එම කාලය දින 07කින් දීර්ඝ කරන බවත් ඒ සඳහා ගාස්තු අය නොකරන බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සඳහන් කරයි.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් එම ගුවන් කලාපය හරහා සිදු කෙරෙන සියලු ගුවන් ගමන් නතර කිරීමට අද (28) පියවර ගැණින.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටවීමට නොහැකි වන මගීන් දුෂ්කරතාවන්ට මුහුණදීමට දෙනු ඇත.
මෙය සැලකිල්ලට ගනිමින් මෙම වීසා දිගුවල ලබාදීමට තීරණය කළ බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සඳහන් කරයි.
ඒ හේතුවෙන් ඔවුන්ගේ පිටත්වීමේ කටයුතු සිදු කරන තෙක් ඔවුන්ට අපහසුතාවයකින් තොරව රට තුළ රැඳී සිටීමට ඉඩ සලසාදීමට අදාළ තීරණය ගෙන තිබේ.

