කොදෙව්වන්ට ලකුණු 35ක ජයක්
07 February 2026
කොදෙව්වන්ට ලකුණු 35ක ජයක්
07 February 2026
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවැති තරගය ලකුණු 35කින් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තයේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 182කි.
එහිදී ශිම්රොන් හේට්මයර් ලකුණු 64ක් සහ බ්‍රැන්ඩන් කිංග් ලකුණු 35ක් ලබාගත්තහ.
පන්දුයැවීමේදී බ්‍රැඩ් කරී කඩුලු දෙකක් බිඳහෙළීමට සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18.3ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 147ක් පමණය.
එහිදී ස්කොට්ලන්තය වෙනුවෙන් රිචී බ්රිංටොන් ලකුණු 42ක් සහ ටොම් බෘෘස් ලකුණු 35ක් ලබාගත්තහ.
පන්දුයැවීමේදී රොමාරියෝ ෂෙෆර්ඩ් කඩුලු 05ක් දවාගත්තේය.
එහිදී 17 වන පන්දුවාරයේදී ඔහු කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට සමත්විය.
මෙය මෙම ලෝක කුසාලන තරගාවලියේ වාර්තා වූ ප්‍රථම කඩුලු ත්‍රිත්ව අවස්ථාවවීමත් විශේෂත්වයකි.

