brand logo
logo
පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා පිල රන් පදක්කම් තරගයට

පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා පිල රන් පදක්කම් තරගයට

20 September 2026

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අංශයේ රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (20) සමත් විය.


විස්සයි20 ආකෘතියෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ පැවති අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 177ක් ලබා ගැනීමට සමත් විය.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉතා විශිෂ්ට ලෙස පන්දුවට පහරදෙමින් පන්දුවාර 17.5කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 181ක් රැස් කරමින් ජයග්‍රහණය තහවුරු කරගත්තේය.


මේ අතර, කාන්තා ක්‍රිකට් අංශයේ දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වීමට නියමිත අතර, එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම රන් පදක්කම වෙනුවෙන් වන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව සමඟ තරග වදිනු ඇත.

 

More News..