brand logo
logo
 GIT විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

GIT විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

14 March 2025



සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023, 2024 (2025) මාර්තු මස 23 වන දා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


එම විභාගය එදින පෙ.ව 9 සිට ප.ව 12.10 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,683ක දී පැවැත්වේ.


විභාග සඳහා ප්‍රවේශ පත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වනවිටත් අදාළ පාසල් ප්‍රධානීන් වෙත තැපැල් මඟින් යොමු කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.


රජයේ පාසල් හා පෞද්ගලික පාසල් www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස 2025.03.15 දින සිට භාගත කිරීමට හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.


 

More News..