brand logo
logo
 චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් - 14ක් මරුට

චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් - 14ක් මරුට

09 November 2026


උතුරුදිග චීනයේ තායියුආන් නගරයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.


ශැන්ෂි පලාතේ ප්‍රධාන නගරය වන තායියුආන් නගරයේ මහල් 40කින් සමන්විත ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


ගින්නෙන් තවත් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 09 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව බලධාරීන් සඳහන් කර තිබේ.


සිව්වන මහලේ නිවසකින් ගින්න හටගෙන ඇති අතර, පසුව එය 08 වන හා 09 වන මහල දක්වා පැතිර ගොස් ඇති බව වාර්තා වෙයි.

 

More News..