කොටගල නිරීක්ෂණයක ගිය කෘෂිකර්ම ඇමතිගෙන් කිරි ගොවීන්ට සහන
25 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
කොටගල නිරීක්ෂණයක ගිය කෘෂිකර්ම ඇමතිගෙන් කිරි ගොවීන්ට සහන
25 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
කෘෂිකර්ම අමාත්ය ලාල් කාන්ත හැටන් කොටගල ප්රදේශයේ කිරිගොවීන් වෙත ගොස් ඔවුන්ට පවතින අඩුපාඩුකම් පිලිබද සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.
කොටගල රොසිටා වතුයායේ දේශීය කිරි කර්මාත්තයට ඉහළ දායකත්වයක් සපයන දේශීය කිරි ගොවීන්ගේ ගොවිපල වෙත ගොස් ඔවුන් සමග සාකච්ඡා කර ඔවුන්ට පවතින අඩුපාඩුකම් පිළිබද කඩිනම් විසදුම් ලබා දෙන බවද අමාත්යවරයා පැවසීය.
කොටගල හැරින්ටන් වතුයායේ පවත්වාගෙන යන පෞද්ගලික සත්ත්ව ගොවිපලක් වෙත පැමිණි අමාත්යවරයා ඒම සත්ව ගොවිපල සාර්ථකව පවත්වාගෙන යෑම පිලිබදව ද සොයා බැලීමක් සිදු කරනු ලැබූවා.
මධ්යම පළාත් සත්ව නිෂ්පාදන, සෞඛ්ය අමාත්යාංශ්ය සහ මධ්යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
නුවරඑළිය දිස්ත්රික්කයේ සාර්ථකවකිරි ගොවිපොළවල් පවත්වාගෙන යන කිරි ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු සාර්ථකව පවත්වාගැනීම සදහා නුවරඑළිය දිස්ත්රික්කයේ තෝරා ගත් ගොවීන් කිහිප දෙනෙකුට චෙක් පත් පිරිනැමීමද අමාත්යවරයා විසින් සිදු කෙරිණ.
මෙම රැස්විමේදි අදහස් දැක්වූ ලාල් කාන්ත කියා සිටියේ,
''නුවරඑළීය දිස්ත්රික්කයේ කිරි කර්මාන්තය ඉහළ නැංවීම සදහා ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් කොටගල රොසිටා ගොවිපලේ වගා නොකර ඇති ඉඩම් කිරි ගොවීන්ට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කර විසදුමක් ලබා දෙන බවයි. ඉකුත් රජය සමයේ ජාතික පශු සම්පත් මණ්ඩලය ඉන්දියාවට විකුණා තිබියදී වත්මන්
රජය ඉන්දීය රජය සමග සාකච්ඡා කර දෙපාර්ෂවය අතර ඇති කර තිබූ ගිවිසුම් අවලංගු කර ගැනීමට හැකි වූ බවයි.මේ වන විට ජාතික පශු සම්පත් මණ්ඩලය ලාභ ලබන තත්වයට ගෙන ඒමට වත්මන් රජයට හැකි වූ බවද ලාල් කාන්ත ඇමතිවරයා පැවසීය. මේ රට සහල්වලින් සවයංපෝෂිත වී ඇති බවත්, සහල් මිල වෙළදපොලේ අඩුවෙන් පවතින බවත්, ඇතැම් සහල් වර්ග මෙරට නිෂ්පාදනය නොකරන ඇතැම් සහල් වර්ග පමණක් විදේශ රටවලින් ආනයනය කරන බවයි ලාල් කාන්ත අමාත්යවරයා වැඩි දුරටත් කියා සිටියේ.''

