ඉරාන න්‍යෂ්ටික තොරතුරුවලට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 20ක ත්‍යාගයක්
08 November 2026
ඉරාන න්‍යෂ්ටික තොරතුරුවලට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 20ක ත්‍යාගයක්
08 November 2026
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදෙන අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 20ක ත්‍යාගයක් පිරිනමන බව අමෙරිකාව පවසයි.
න්‍යෂ්ටින වැඩසටහනට අදාළ පහසුකම්, උපකරණ සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලබා දෙන්නන්ට මෙම ත්‍යාග මුදල පිරිනමන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද පියවර ගන්නා බව ඔවුන් සඳහන් කර තිබේ.
පසුගිය වසරේ අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර මාලාවකින් පසු ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් විනාශ වී ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

