චීන දූත පිරිසක් නැගෙනහිර නාවික විධාන නියෝජ්ය ආඥාපති හමුවෙයි
18 October 2026 | අමදෝරැ අමරජීව - ත්රිකුණාමලය
චීන දූත පිරිසක් නැගෙනහිර නාවික විධාන නියෝජ්ය ආඥාපති හමුවෙයි
18 October 2026 | අමදෝරැ අමරජීව - ත්රිකුණාමලය
ශ්රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්යෙෂ්ඨ කර්නල් Fu Xiao මහත්මිය ඇතුළු දූත පිරිසක් ත්රිකුණාමලයේ පිහිටි නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වී තිබේ.
එහිදී එම දූත පිරිස, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්ය ආඥාපති කොමදෝරු චමින්ද ගුණරත්න මහතා හමුවී තිබේ.
මෙම හමුවේදී දෙපාර්ශ්වයම ද්විපාර්ශක වශයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කෙරිණි.
මෙම හමුව සිහිවීම පිණිස දෙපාර්ශවයම සමරු තිළිණ හුවමාරු කර ගැනීමක්ද සිදුවූ අතර මෙම අවස්ථාවට ශ්රී ලංකා මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නාවික උපදේශක ජ්යෙෂ්ඨ කපිතාන් Zheng Zhaoping එක්විය.

