brand logo
logo
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යළිත් ප්‍රථම තැන

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යළිත් ප්‍රථම තැන

28 September 2026 | කමල් සුරවීර - මහනුවර

ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළිත් වරක් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. මෙම වසරේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රටවල් 110ක විශ්වවිද්‍යාල 2016ක් අතරින් පේරාදෙණිය පේරාදෙණිය විශ්වවිද්‍යාලය 200 වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර ඒ මට්ටමට පැමිණ ඇත්තේ ලකුණු 8,262.5ක් ලබාගෙන ගනිමිනි.


පරිසර හිතකාමී සහ තිරසර විශ්වවිද්‍යාල පරිසරයක් පවත්වාගෙන යාම, තිරසර සංවර්ධන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ පාරීසරික වගකීම් සහගත භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය දක්වන අඛණ්ඩ ප්‍රගතිය මෙම ජයග්‍රහණය තුළින් පිළිබිඹු වන බව උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධූජිත් පවසයි.


UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී විශ්වවිද්‍යාලවල තිරසරභාවය පරිසර සැකසුම හා යටිතල පහසුකම්, බලශක්තිය හා දේශගුණික විපර්යාස, අපද්‍රව්‍ය කළමනාකරණය, ජල කළමනාකරණය, ප්‍රවාහනය, අධ්‍යාපනය, පාලනය සහ ඩිජිටල්කරණය ඇතුළු ප්‍රධාන දර්ශක කිහිපයක් ඔස්සේ ඇගයීමට ලක් කෙරේ. 2026 වසරේ ශ්‍රේණිගත කිරීම “Advancing Sustainable Campuses through Governance, Digitization, and Integrated Performance” යන තේමාව යටතේ ක්‍රියාත්මක කර තිබේ.

 

More News..