brand logo
logo
ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

17 August 2026


ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ.


ග්‍රාම නිලධාරීන්ගේ සංගම් නියෝජිතයින් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා අතර අද (17) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.


එම සාකච්ඡාව අතරතුර ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ඇති අතර, ග්‍රාම නිලධාරීන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් එළඹෙන අයවැය මගින් ලබාදීමට කටයුතු කරන බව දැනුම් දුන් බව ග්‍රාම නිලධාරීන්ගේ සංගම් නියෝජිතයින් සඳහන් කළහ.


ඒ අනුව දැනට ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවද ඔවුන් පැවසූහ.


වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේ අවසන් කිරීමෙන් පසු සියලුම ග්‍රාම නිලධාරීන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල සුපුරුදු පරිදි රාජකාරි කටයුතුවල නිරත වන බවද ග්‍රාම නිලධාරීන්ගේ සංගම් නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කළහ.

 

More News..