brand logo
logo
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 12ක් කොටුවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 12ක් කොටුවෙයි

23 October 2026 | මංජුලා කුමාරගේ


රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් පැකැට් තොගයක් සමග සැකකරුවන් 12 දෙනෙකු ඊයේ (22) අත්අඩංගුවට ගත් බව කැප්පෙටිපොල පොලිසිය පවසයි.


හෙරොයින් ජාවාරමට සම්බන්ධ කාන්තාවක ඇතුළු පිරිමි පුද්ගලයින් 06 දෙනෙක් සහ හොරොයි හා අයිස් සන්තකයේ තබා ගත් පුද්ගලයින් 05 දෙනෙකුද මෙලෙස පොලිසිය මගින් අත්ඩංගුවට ගත් බව කැප්පෙටිපොල පොලිසිය පවසයි.


කැප්පෙටිපොල පොලිස් ස්ථානාධීපති පොලිස් පරික්ෂක ජේ.එම් තුසිත කුමාර ඇතුළු පොලිස් නිළධාරින් කණ්ඩායමක් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම හොරොයින් ජාවාරම සම්බන්ධයෙන් සිදුකල විමර්ශණයකදී තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් වන විවාහක කාන්තාවක සහ ඇගේ අනියම් සැමියා ඌව පරණගම අඹගස්දෝව ප්‍රදේශයේදී හොරොයින් සහ අයිස් පැකැට් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.


මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ සිට හොරොයින් හා අයිස් රැගෙන විත් ඌව පළාත තුල බෙදා හැරීමේ කටයුතු සිදු කර ඇති බව පොලිස් විමර්ශණ වලදී අනාවරණය කර ගෙන තිබේ. 


ඉන් පසුව ඔවුන්ගෙන් ලබා ගත් තොරතුරු සහ පොලිසිය විසින් සිදු කල විමර්ශණවලදී අනාවරණය කර ගත් තොරතුරු අනුව මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්ස , මොරටුව , ගාල්ල , තලවාකැලේ , නුවරඑළීය , ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24 ත් 35 ත් අතර වයසේ පසුවන අය බවත් පොලිසිය පවසයි.


මොවුන් වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් ඊසිකෑෂ් ක්‍රමයට මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති අතර ඌව පළාත තුල මෙම හොරොයින් සහ අයිස් බෙදා හැරීමේ කටයුතු සිදු කර ඇති බවත් මොවුන් ජංගම දුරකථන යෙදවුම් හරහා කුලී ගමන් සේවා සපයන පුද්ගලයින් ලෙස පෙනී සිටිමින් විවිධ ප්‍රදේශවල සැරි සරමින් මෙම හෙරොයින් සහ අයිස් බෙදා හැරීමේ කටයුතු සිදු කර ඇති බවත් පොලිසිය සිදු කල විමර්ශණ වලදී අනාවරණය කරගෙන තිබේ.


තවද මෙම පුද්ගලයින් ඌව පළාත තුල විවිධ ස්ථාන වල කුලියට නවාතැන් පහසුකම් සපයන ස්ථාන වල රාත්‍රී කාලයේ නවාතැන් ගනිමින් මෙම ජාවාරමේ නිරත ව ඇති බවත් පොලිසිය වැඩි දුරටත් පවසයි.


මෙම අත්අඩංගුවට පත් සැකකරුවන් හෙරොයින් හා අයිස් භාවිතයට ඇබ්බැහිවුවන් බවත් පොලිසිය පවසයි.


මෙම ජාවාරම සිදු කිරීමට යොදාගත් යතුරු 2 ක් , ත්‍රි රෝද රථ 2 ක් සහ කාර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබු දුරකථන 10 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. 


මෙම දුරකථනවල ගබඩා කර තිබී හෙරොයින් සහ අයිස් මිලදී ගැනීමට පැමිනෙන අයට ඒවා ලබා ගැනීම සදහා සගවා ඇති ස්ථාන වල යැවු ඡායා රූප සහ ලොකේෂන් කිහිපයක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.


මොවුන් පොලිසිය මග හැරීම සදහා යතුරු පැදි මාරු කරමින් පොලිසිය නොමග යැවීමට උත්සහ දැරුවද පොලිසිය ඉතා විමසිලිමත්ව සිදු කරල විමර්ශණ හේතුවෙන් සැකකරුවන්ගේ සියළු සැලසුම් අසාරර්ථක වු බව පොලිසිය පවසයි.


 

More News..