ඉන්ධන මිල ඉහළ යාමෙන් Ryanair ගුවන් ගාස්තු ඉහළට
02 November 2026
ඉන්ධන මිල ඉහළ යාමෙන් Ryanair ගුවන් ගාස්තු ඉහළට
02 November 2026
අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම හේතුවෙන් අධික ලෙස ඉන්ධන මිලෙහි ඉහළයාමක් සිදුව ඇති බැවින්, තාවකාලික සේවක වැටුප් ඉහළ දැමීම් සහ ගුවන් ගමන් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරන බව ප්‍රකට අඩු වියදම් ගුවන් සේවයක් වන Ryanair පවසයි.
එම ගුවන් සමාගම විසින් ඉන්ධන බිල්පත යුරෝ බිලියන 2 කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එම පිරිවැය පියවා ගැනීම සඳහා ගුවන් ගමන් ගාස්තු සැලකියයුතු අගයකින් ඉහළ දැමීමට සිදුවනු ඇති බව එහි ප්‍රධානියෙකු පවසා ඇත.
කෙසේ වෙතත්, එය පමණක් ප්‍රමාණවත් නොවනු ඇතැයි එම සමාගම පවසයි.
වැඩිවන ඉන්ධන පිරිවැය හේතුවෙන් සැප්තැම්බර් මස අවසානය දක්වා වූ මාස හක කාලය තුළ සිය බදු වලට පෙර ලාභය 16% කින් පහත වැටී ඇති බව රයන්එයාර් සඳහන් කරයි. සමාගම සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් 80% ක් කලින්ම ස්ථාවර මිලකට මිලදී ගෙන තිබුණද, ඉතිරි කොටස සඳහා දැවැන්ත වියදමක් දැරීමට සිදුවී තිබේ.
මෙම කලාපීය ගැටුම් හේතුවෙන් ගුවන් ඉන්ධන සැපයුම සීමා වී ඇති අතර, එය ලොව පුරා ගුවන් සේව වෙත දැඩි ලෙස බලපා ඇත.
එසේම, ඉදිරි වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සේවක වැටුප් සම්බන්ධයෙන් නව තීරණ ගැනීමටත්, කාර්යාලීය කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පුළුල් කිරීමටත් එම සමාගම සැලසුම් කරමින් සිටී.
මේ අතර, ශීත සෘතුව සඳහා වන ගුවන් ගමන් වාර සංඛ්‍යාවද මේ වන විට කපා හැර ඇති රයන්එයාර් සමාගම, මෙම ගුවන් ගමන් සීමා කිරීම් 2027 ග්‍රීෂ්ම සෘතුව දක්වාම අඛණ්ඩව සිදුවනු ඇතැයි අපේක්ෂා කරයි.

