brand logo
logo
 'හැක් ලිෆ්ට්' ඉසව්වේ ලෝක වාර්තාව ගුවන් හමුදාවේ කෝප්‍රල් දුලිත් දසනායකට

'හැක් ලිෆ්ට්' ඉසව්වේ ලෝක වාර්තාව ගුවන් හමුදාවේ කෝප්‍රල් දුලිත් දසනායකට

26 September 2026


ලෝක ස්ට්‍රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේ 'හැක් ලිෆ්ට්' ඉසව්වේ කිලෝග්‍රෑම් 95න් පහළ බර පන්තියේ ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගැනීමට ගුවන් හමුදාවේ කෝප්‍රල් දුලිත් දසනායක සමත්විය. 


කර්ගිස්ථානයේ පැවැති මෙම තරගාවලියේදී ඔහු විසින් ඔසවන ලද බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 260කි.


ඔහුගේ මෙම ජයග්‍රහණය අගයමින් පසුගිය 23 වැනිදා හිඟුරක්ගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී උණුසුම් හරසර පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි.


ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසීමේ සංචිතයේ සභාපති එයාර් එයාර් කොමඩෝර් සනෝජ් ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට, ගුවන් හමුදා බර ඉසීමේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

 

More News..