brand logo
logo
 ඇල්ලේ නිවෙසකට අත්බෝම්බයක් දමා පලාගහින්

ඇල්ලේ නිවෙසකට අත්බෝම්බයක් දමා පලාගහින්

22 October 2026 | පාලිත ආරියවංශ-බදුල්ල


මුහුණු ආවරණය කරගෙන මෝටර්රථයකින් පැමිණි කාන්තාවක් ඇතුළු 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (21) අළුයම ඇල්ල,ඌව කරඳගොල්ල ප්‍රදේශයේ නිවසක දොරකඩා ඇතුල්වීමට උත්සාහ කළ අවස්ථාවේ නිවැසියන්ගේ කෑ ගැසීම නිසා ඔවුන් ජීව අත්බෝම්යක් නිවසේ ඉදිරි දොර අසළ තබා පලාගොස් ඇති බව ඇල්ල පොලිසිය පවසයි.


නිවැසියන් මේ අවස්ථාවේ පොලිස් හදිසි දුරකථන අංක 119 ඔස්සේ මේ සිද්ධිය දැනුම් දීමෙන් පසු එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කළ බවත් එම ස්ථානයේ තිබූ ජීව අත්බෝම්බය පිළිබදව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එය නිශ්ක්‍රිය කරවීම සදහා නියෝගයක් ලබාගත් බවත් පොලිසිය පැවසීය.


දෙපිරිස අතර කලක සිට පවතින පෞද්ගලික කෝන්තර කීපයක් නිසා මෙම ගැටුම සිදුව ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

 

More News..